රෂ්මික විජේසිරි ලුම්බිණියට ජය ගෙනෙයි

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිංගර් කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පැවැති තරගයකදී, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලුම්බිණි විද්‍යාලයේ රවිශ්ක විජේසිරි පළමු ඉනිමේදී ලකුණු 8කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 32 කට කඩුලු 4 ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 40 කට කඩුලු 9 ක් බිද හෙළීමට සමත් විය. ඔහුට මනා සහයක් ලබාදුන් ලබාදුන් ප්‍රභාත් මධුෂංක දෙවැනි ඉනිමේදී ලකුණු 25 කට කඩුලු 6 ක් බිද හෙළීය.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී,

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 25.1 කදී සියලු දෙනා දැවී ලකුණු 67

(ඉරංග හෂාන් 16, රවිෂ්ක විජේසිරි 08/5, සිතුම් දිසානායක 18/2 )

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 31.3 කදී සියලු දෙනා දැවී ලකුණු 113

(සවිඳු ප්‍රභාෂණ 39, දුෂාන් ප්‍රනාන්දු 22, ප්‍රභාත් මධුෂංක 22, කසුන් මලින්ද 16/3, තෂික නිර්මාල් 17/2, නුරන් පෙරේරා 25/2 )

ජනාධිපති විද්‍යාල දෙවැනි ඉනිම - පන්දුවාර 25 කදී සියලු දෙනා දැවී ලකුණු 76

(ප්‍රභාත් මධුෂංක 25/6, රවිෂ්ක විජේසිරි 32/4 )

ලුම්බිණි විද්‍යාල දෙවැනි ඉනිම - පන්දුවාර 3.3 කදී කඩුලු 3 කට ලකුණු 31

( රවිෂ්ක විජේසිරි 19, තෂික නිර්මාල් 11/2 )

ලුම්බිණි විද්‍යාලයට කඩුලු 8 ක ජයක් හිමි විය.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය පන්නිපිටියේදී,

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 66.5 කදී සියලු දෙනා දැවී ලකුණු 137

( සංජන ලංකා 44, චමිදු සමරසිංහ 23, කුෂාන් මධුෂාන් 51/6, කවීෂ විමුක්ති 20/2 )

මහින්ද විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 61 කදී කඩුලු 6 කට ලකුණු 168

(විනුර දුල්සර 61, හංසක වැලිහින්ද 44, අශේන් කණ්ඩම්බි 26, ඩිල්ෂාන් ද සිල්වා 26/3 )

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

 -සමීර ගොඩපිටිය-

MirrorGames.lk © 2018

Search