User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

‘සිංගර් කුසලාන‘ වයස 19 න් පහළ ක්‍රිකට් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පැවැති තරගයකදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක් ජයක් ලැබීමට මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය පෙරේදා ( 7වැනිදා ) සමත් විය.

එදිනම ගාල්ල ශාන්ත ඇලවිශියස් විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ගාල්ල ඇලෝශියස් විද්‍යාලයේ මනුෂ්ක සමිත්  ලකුණු 40 කට කඩුලු 5 ක් සහ සඳුන් මධුෂංක ලකුණු 55 කට කඩුලු 4 බැගින් බිද හෙලමින් දක්ෂතා දැක්වූහ.

 

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය හා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය මාතර උයන්වන්ත ක්‍රීඩාංගණයේදී,

මාරිස්ටෙලා විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 60.5 කදී සියලු දෙනා දැවී ලකුණු 173

(රවිදු ප්‍රනාන්දු 85, තිළිණ පෙරේරා 28, පසිදු මනුප්‍රිය 16/4, ශෂික දුල්ෂාන් 55/3, චරිත් හර්ෂණ 15/2 )

සර්වේශස් විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 122

(චේතක දෙනුවන් 57, රවිදු ප්‍රනාන්දු 33/4, අහාන් ප්‍රනාන්දු 02/2, අවීශ කේෂාන් 17/2, පසිදු උෂෙට්ට් 28/2 )

මාරිස්ටෙලා විද්‍යාල දෙවැනි ඉනිම - පන්දුවාර 28.4 කදී සියලු දෙනා දැවී ලකුණු 97

(රවිදු ප්‍රනාන්දු 35, කෙවින් පෙරේරා 31, මතීෂ මධුෂාන් 14/2, රුවින්ද රෝචන 14/2 )

සර්වේශස් විද්‍යාල දෙවැනි ඉනිම - පන්දුවාර 46.5 කදී කඩුලු 5 කට ලකුණු 149

(රැෂිර ලක්රුවන් නොදැවී 54, සශික දුල්ෂාන් 45, රවිදු ප්‍රනාන්දු  61/2 )

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයට කඩුලු 5 ක ජයක් හිමිවිය.

කොළඹ ලුම්බිණි විද්‍යාලය හා ගාල්ල ශාන්ත ඇලෝශියස් විද්‍යාලය අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී,

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 51 කදී සියලු දෙනා දැවී ලකුණු 130

(පසිඳු පමුදිත 49, ඒෂාන් හංසක නොදැවී 25, සිතුම් දිසානායක 23, මනුෂ්ක සමිත් 40/5, සදුන් මධුසංක 55/4 )

ඇලෝශියස් විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 51 කදී කඩුලු 8 කට ලකුණු 133

(ඔමාල් සංදීප 42, කවිඳු දිල්හාර 22, සිතුම් දිසානායක 16/3, යසිරු යුගත් 26/2, රවිශ්ක විජේසිරි 52/2 )

තරගය ජය පරායෙන් තොරව අවසන් විය.

සමීර ගොඩපිටිය

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සිංගර් කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පැවැති තරගයකදී, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලුම්බිණි විද්‍යාලයේ රවිශ්ක විජේසිරි පළමු ඉනිමේදී ලකුණු 8කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 32 කට කඩුලු 4 ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 40 කට කඩුලු 9 ක් බිද හෙළීමට සමත් විය. ඔහුට මනා සහයක් ලබාදුන් ලබාදුන් ප්‍රභාත් මධුෂංක දෙවැනි ඉනිමේදී ලකුණු 25 කට කඩුලු 6 ක් බිද හෙළීය.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී,

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 25.1 කදී සියලු දෙනා දැවී ලකුණු 67

(ඉරංග හෂාන් 16, රවිෂ්ක විජේසිරි 08/5, සිතුම් දිසානායක 18/2 )

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 31.3 කදී සියලු දෙනා දැවී ලකුණු 113

(සවිඳු ප්‍රභාෂණ 39, දුෂාන් ප්‍රනාන්දු 22, ප්‍රභාත් මධුෂංක 22, කසුන් මලින්ද 16/3, තෂික නිර්මාල් 17/2, නුරන් පෙරේරා 25/2 )

ජනාධිපති විද්‍යාල දෙවැනි ඉනිම - පන්දුවාර 25 කදී සියලු දෙනා දැවී ලකුණු 76

(ප්‍රභාත් මධුෂංක 25/6, රවිෂ්ක විජේසිරි 32/4 )

ලුම්බිණි විද්‍යාල දෙවැනි ඉනිම - පන්දුවාර 3.3 කදී කඩුලු 3 කට ලකුණු 31

( රවිෂ්ක විජේසිරි 19, තෂික නිර්මාල් 11/2 )

ලුම්බිණි විද්‍යාලයට කඩුලු 8 ක ජයක් හිමි විය.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය පන්නිපිටියේදී,

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 66.5 කදී සියලු දෙනා දැවී ලකුණු 137

( සංජන ලංකා 44, චමිදු සමරසිංහ 23, කුෂාන් මධුෂාන් 51/6, කවීෂ විමුක්ති 20/2 )

මහින්ද විද්‍යාල පළමු ඉනිම - පන්දුවාර 61 කදී කඩුලු 6 කට ලකුණු 168

(විනුර දුල්සර 61, හංසක වැලිහින්ද 44, අශේන් කණ්ඩම්බි 26, ඩිල්ෂාන් ද සිල්වා 26/3 )

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

 -සමීර ගොඩපිටිය-

MirrorGames.lk © 2018

Search