ටොරින්ටන්හි පිහිටි කී‍්‍රඩා නේවාසිකාගාරයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නොමිලේ ලබාදුන් ආහාරවේල අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මළල කී‍්‍රඩාවද ඇතුළුව සෙසු කී‍්‍රඩාවල නිරත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පුහුණුවීම් සඳහා පැමිණෙන්නේ මෙම නේවාසිකාගාරයේ සිටයි.
ඉකුත් වසර කිහිපයේදීම ඔවුන් සඳහා ආහාර වේල් ලබා දීම අඛණ්ඩව සිදු කෙරුනු බව කී‍්‍රඩා අමාත්‍යාංශ සේවකයෙක් අප සමග කියා සිටියේය.
කෙසේවෙතත් ඉකුත් අගෝස්තු මස සිට කී‍්‍රඩා නේවාසිකාගාරය වසා දැමීමට කී‍්‍රඩා අමාත්‍යාංශයේ බලධාරීන් කටයුතු කර ඇති අතර නැවත එය විවෘත කළ පසු ආහාර ලබා නොදීමටද තීරණය කර ඇති බව පැවසේ.
බලධාරීන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලබා දෙන පෝෂණ දීමනාව සහ ආහාරපාන යළි ලබා දීමට තීරණය කර ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන තේරීම් තරගවලින් පසුව බවද වැඩිදුරටත් වාර්තා වේ.