අල්ලස, දූෂණය, වංචාව, තරග පාවාදීම්, නිලවරණය ආදිය මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී පවතින්නේ ක්‍රිකට් පිත්ත සහ පන්දුව අතර ඇති සම්බන්ධතාවයටත් වඩා බොහෝ සෙයින් සමීප මට්ටමක බව බැලූ බැල්මට පෙනේ.
අල්ලස, දූෂණය, වංචාව, තරග පාවාදීම්, නිලවරණය ආදිය මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී පවතින්නේ ක්‍රිකට් පිත්ත සහ පන්දුව අතර ඇති සම්බන්ධතාවයටත් වඩා බොහෝ සෙයින් සමීප මට්ටමක බව බැලූ බැල්මට පෙනේ.
තාලිබාන් සංවිධානයේ පාලනයෙන් මිදුණු ඇෆ්ගනිස්ථානයේ ආරම්භ කළ කාන්තා පාපන්දු කණ්ඩායම එරට කාන්තාවන්ගේ නිදහසේ සංකේතය ලෙස හඳුන්වනු ලැබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත වෝන් - මුරලි තරගාවලිය හෙට (24 ) බ්‍රිස්බෙන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර මංගල ටෙස්ට් තරගය 1983 වසරේදී පවත්වා ඇති අතර ආරම්භක තරගයෙන්ම ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 38 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට සමත්ව තිබේ. මේ වන විට දෙරට අතර පවත්ව ඇති ටෙස්ට් තරග 29 න් තරග 17 කම ජය ඕස්ට්‍රේලියාව සතු වෙද්දි, ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවී ඇත්තේ තරග 4 ක් පමණි. තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
කණ්ඩායම් දෙකෙහි වර්තමාන තත්වය
කලක සිට ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායමක් ලෙස වැජඹුණු ඕස්ට්‍රේලියා කණ්ඩායමට පසුගිය වසරක පමණ කාලයක සිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල ලෙස පසු බැමකට ලක්වීමට සිදු වූයේ දිගින් දිගටම ලැබූ පරාජයන් හේතුවෙනි. ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමද 2016 වසරේ සිට දිගින් දිගටම පරාජයන් රැල්ලකට හසු වූ කණ්ඩායමකි. කණ්ඩායම් ද්විත්වයම අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරගාවලි පරාජයට පත් වී ඇති අතර, ජයග්‍රහණයක පහස විදිමේ අරමුණින් කණ්ඩායම් ද්විත්වයම මෙම තරගාවලියට අවතීර්ණ වන බව කාගේත් අදහස බවට පත්ව තිබේ.
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති අවසන් ටෙස්ට් තරගාවලිය තරග 2-1 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීමත් සමග ඕස්ට්‍රේලියා කණ්ඩායම විශාල ලෙස පසු බැමකට ලක්විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සමගින් තරගාවලියට සහභාගි වනුයේද තරමක දෙගිඩියාවකින් යුතුවය. නමුත් ශ්‍රී ලංකාවද අවසන් වරට සහභාගී වූ නවසීලන්ත ටෙස්ට් තරගාවලියද 1-0 කින් පරාජයට විමට සිදුවිය. වර්තමාන ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු101 ක් සමගින් 5 වැනි ස්ථානයේ රැදී සිටියි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ මෙම සටහනේ 6 වැනි ස්ථානයයි.
කණ්ඩායම් දෙකෙහි ප්‍රබල තුරුම්පු
පිතිකරණ අංශය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතු එකම ප්‍රබල තුරුම්පුව දිමුත් කරුණාරත්නය. 2018 වසරේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ ‘ 2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම “ සඳහා තේරීපත් වූ එකම ශ්‍රී ලාංකාක පිතිකරුවා බවට පත්වූයේ දිමුත් කරුණාරත්න පමණි. ඒ අනුව දිමුත් කරුණාරත්න මෙම ටෙස්ට් තරගාවලිය තුළදීද තමන්ගේ සුපුරුදු රිද්මය පවත්වා ගනිමින් දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බලාපොරොතුවක් තබා ගැනීමට හැකියාව පවති. ටෙස්ට් තරග 56 කට ක්‍රීඩාකර ඇති දිමුත් කරුණාරත්න 37.08 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 3894 ක් රැස් කිරීමට සමත්ව ඇත. එයට ටෙස්ට් ශතක 8 ක් සහ අර්ධ ශතක 21 ක් ඇතුළත්ව ඇත. නමුත් දිමුත් කරුණාරත්න ඕස්ට්‍රේලියාව සමගින් ක්‍රීඩාකළ තරග 6 දීම රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 181 ක් පමණි.
2018 වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභින්ගේ සටහනේ දෙවැනි තැනට පත්වූ කුසල් මෙන්ඩිස් පසුගියදා නිමා වූ නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ශතකයක් පවා රැස් කිරීමට සමත් විය. එහෙත් පවතින ගැටලුව කුසල් මෙන්ඩිස් පසුගිය තරගාවලි කිහිපය තුළදීම ඔහුගේ රිද්මයට ලගා වීමට අපොහොසත් වීමය. නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ කුසල් මෙන්ඩිස් යනු තරගයේ ස්වභාවය අනුව ඕනෑම අවස්ථාවක සුපුරුදු රිදිමයට පැමිණීමට හැකියාක් සහිත ක්රීඩකවෙකු බවටය. මේ වනවිට ටෙස්ට් තරග 34 කට ක්‍රීඩාකර ඇති කුසල් මෙන්ඩිස් එහිදී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2464 කි. එයට ශතක 6 ක් හා අර්ධ ශතක 8 ක් ඇතුළත්ව ඇත.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විශ්වාසයක් තැබිය හැකි පිතිකරුවෙකු ලෙස උස්මාන් කවාජා ඇදින්විය හැකිය. ඉන්දියාව සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේදී ලකුණු අතර සිටි එකම ආරම්භක පිතිකරුවා බවට පත් වූ ඔහු ටෙස්ට් තරග 39 කදී පිතිකරණ සාමන්‍ය 42.11 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 2653 ක් රැස් කිරීමට සමත්ව ඇත. එහිදී ඔහු ටෙස්ට් ශතක 7 ක් සහ අර්ධ ශතක 14 ක් ලබා ගැනීමට සමත්ව ඇත.
පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද යමක් කළහැකි පැට් කමින්ග්ස් ඕස්ට්‍රේලියා සංචිතයේ ප්‍රබල තුරුම්පුවක් බවට පත්ව ඇත. තුන් ඉරියව් ක්රීඩිකයෙකුගේ භූමිකාව රඟ දකවමින් අවශ්‍ය මොහොතේදී කණ්ඩායමට ලකුණු රැස් කිරීමටත් පන්දුවෙන් යමක් කිරීමටත් හැකි ක්‍රීඩිකයෙකු ලෙස පැට් කමින්ග්ස් පෙන්වා දීමට හැකිය.
පන්දු යවන්නන් දෙස අවධානය යොමු කිරමෙදී ළහිරු කුමාර යම් වෙනසක් කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. 148 ක පමන වේගයකින් යුතුව පන්දුව මුදාහිරිමේ ශක්තියක් සහිත ළහිරු කුමාර තර්ජනාත්මක අයුරින් පන්දු යවන්නෙකු බව විචාරකයන් පවසා සිටිති. මේ තත්වය මත ඔහු ඕස්ට්‍රේලියා තණතීරුවේ යම් වෙනසක් කරනු ඇතැයි සිතිය හැකිය. ටෙස්ට් තරග 14 කට ක්‍රීඩාකර ඇති ළහිරු කුමාර කඩුලු 49 ක් දව ගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අභියෝගයකට ලක් වීමට සිදු වනුයේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන්ගේ පන්දුව ඔස්සේය. ටෙස්ට් ක්‍රිකට් පිටියේ පෙරළියක් කරමින් සුපුරුදු දක්ෂතා අතර රැදී සිටින ක්‍රීඩකයෙකු ලෙස නේතන් ලයන් පෙන්වා දීමට හැකිය. ජාත්‍යන්තර ටෙස්ට් තරග 89 කට ක්‍රීඩාකර ඇති ඔහු එහිදී දාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 339 කි.
බ්‍රිස්බෙන් ක්‍රීඩාංගණයේ තත්වය
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට ( 24 ) බ්‍රිස්බෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ දිවා/ රාත්‍රි තරගයක් ලෙසිනි. මෙය ප්‍රේක්ෂකයන් 37 000 කට පමණ අසුන් ගැනීමට හැකි පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් වන අතර පළමු ටෙස්ට් තරගය 1931 වසරේ දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර පවත්වා තිබේ. අවසන් වරට ටෙස්ට් තරගයක් මෙහි පවත්වා ඇත්තේ 2017 වසරේ නොවැම්බර් 27 වැනිදාය.
මෙම ක්‍රීඩාංගණයේ විශේෂත්වය වන්නේ පවත්වා ඇති ටෙස්ට් තරග 60 න් 38 ක්ම ඕස්ට්‍රෙලියාව ජයග්‍රහණය කර තිබීමය. තරග 13 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර තරග 8 ක් පරාජයට පත් වීඇත.
බ්‍රිස්බෙන් ක්‍රිඩාංගණයේ ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇති එකම ශ්‍රී ලාංකික පිතිකරුවා අරවින්ද සිල්වා පමණි. ඔහු 1989 වසරේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව ගැබා ක්‍රීඩාංගනයේදී ලකුණු 167 ක් රැස් කිරීමට සමත් විය.
දිවා / රාත්‍රි තරග ජයග්‍රහණ
පළමු දිවා/රාත්‍රි ටෙස්ට් තරගය මීට වසර 4 කට පෙර එනම් 2015 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ඇඩිලෙයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මංගල දිවා රාත්‍රි ටෙස්ට් තරගයේදී මෙන්ම ඕස්ට්‍රේලියාව මෙතෙක් සහභාගී වූ දිවා රාත්‍රි තරග 4 ම ජය ගෙන තිබීම විශේෂ්තවයකි. ශ්‍රී ලංකාවද දිවා රාත්‍රි තරග දෙකකට ක්‍රීඩාකර ඇති අතර එම තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලකාවට හැකියාව ලැබී ඇත. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකම හෙට දිනයේදී තරගයට අවතීර්ණ වනුයේ එකී වාර්තාව එලෙසින්ම පවත්වා ගැනීමේ අරමුණින් යුතුවය.
මෙවර වොන් - මුරලි තරගාවලිය අහිමි වූවන්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් හා නුවන් ප්‍රදීප් ආබාධයට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මගහැරී ගිය අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායක ජෝෂ් හේසල්වුඩ්ද ආබාධයට ලක්වීම නිසා මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව මගහැරී ගියේය.
එයට අමතරව දක්ෂතා අතර සිටියදී පන්දුව පළුදු කිරීමේ වරදට හසුවිම නිසා ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් හා උප නායක ඩේවිඩ් වෝනර් යන දෙපළට මෙවර වොන් - මුරලි කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවූහ. ක්‍රීඩාවේ පවතින ආචාර ධර්ම වලට භක්තියෙන් සලකන ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඔවුන්ට පැවුරූ දඬුවම මෙම වසරේ මාර්තු දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.
පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර.
ඕස්ට්‍රේලියා කණ්ඩායම - ටිම් පේන් (නායක), මාර්කස් හැරිස්, උස්මාන් කවාජා, කර්ටිස් පැටර්සන්, මැට් රෙන්ශෝ, ජෝ බර්න්ස්, පැට් කමින්ග්ස්, ට්‍රැවිස් හෙඩ්, නේතන් ලයන්, ජේ රිචඩ්සන්, මිචෙල් ස්ටාර්ක්,
ටෙස්ට් තරග කාලසටහන
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – ජනවාරි 24 – 28 – බ්‍රිස්බේන් හිදී (දිවා/රාත්‍රී) (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30ට)
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 1 සිට 5 දක්වා – කැන්බරා හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.00ට)
සටහන සමීර ගොඩපිටිය
The former Test opener resigned as team manager following the first Test defeat to England in Galle. Here, he tells how a drain of talent, outside interference in the cricket board as well as poor planning have all contributed to the team's current crisis
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 21 ක අමිහිරි පරාජයක් හිමි වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මහත් ප්රයත්නයක් දැරූ තිසර පෙරේරා මෙම තරගයෙන් පසු නව තරග වාර්තා කිහිපයකට හිමිකම් කීමට සමත් විය.
මැදපෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථකත්වය නැවත වතාවක් ශ්‍රී ලංකාවේ පරාජයට ප්‍රධාන හේතුව බවට දෙවැනි තරගයද සාක්ෂි දැරුවේය. ධනුෂ්ක ගුණතිලක සාර්ථක ආරම්භයක් ලබාගත් හෙයින් එක් අවස්ථාවක ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 2 කට 112 ක් ලෙසිනි. එහෙත් ලකුණු 125 කදී ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම නැවතත් ක්‍රීඩාගාරයේ අසුන් ගෙන අවසන්ය. තවත් ලකුනු 3 ක් යාමට මත්තෙන් ශ්‍රී ලංකා ඉනිමේ අසේල ගුණරත්න හා සීකුගේ ප්රසන්නද පිටියට ආ සැනින්ම නැවතත් ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූයේ ශ්‍රී ලංකාව පිල ලකුනු 150 කට පමණ සීමා කීරීමේ අදිටනින් යුතුවය. එහෙත් 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමගින් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක් සබඳතාවයක් ගොඩ නගමින් නවසීලන්ත පන්දු යවන්නන්ට දැවැන්ත හයේ පහර මාලාවකින් සංග්‍රහ කිරීමට අමතක නොකළේය. පසුගිය තරගයේදී ජෙමී නීෂම් තිසර පෙරේරාගේ පන්දුවාරය හමුවේ හයේ පහර 5 ක් එල්ල කරමින් තිසර පෙරේරාගේ ක්‍රිකට් දිවියට කලු පැල්ලමක් කරන්න ට වූයේ තිසරට මුලු ක්‍රිකට් දිවියම එපා කරවමිනි. එහෙත් එය සිදු වී දවස් දෙකක් ගෙවෙන්නට මත්තෙන් එයට ප්‍රතිප්‍රහාරය එල්ල කරන්නට තිසර පෙරේරා සමත්වූ වූයේ සමස්ථ නවසීලන්ත පන්දු බල ඇණියට පහර පිට පහර එල්ල කරමිනි. මාලිංගගේ කඩුල්ලද දැවී යාමෙන් පසුව පිටියේ එක්වූයේ ලක්ෂාන් සඳකැන්ය. සදකැන්ද ඔහුගේ ඩියුටිය හරිහැටි කරමින් තම අන්තය ආරක්ෂා කරගනු ලැබුවේ, තිසර පෙරේරාට තවත් හයේ පහරවල් වැස්සකට ඉඩකඩ සලසා දෙමිනි.45 වැනි පන්දුවාරයේ හයේ පහර 4 කින් ටිම් සවුතිට සංග්‍රහ කළ තිසර පෙරේරා එම පන්දුවාරය තුලදී ලකුණු 24 ක් උදුරා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ගෙන දෙමිනි. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය පන්දු 24 කින් ලකුණු 26 ක් රැස් කිරීමටය. එහෙත් අවසානවකට මෙන් ශ්‍රී ලංකාව ඉතිරි වූයේ තවත් එක් කඩුල්ලක් පමණි. තිසර පෙරේරා සමගින් අනෙත් අන්තයේ රැදී සිටිනුයේ නුවන් ප්‍රදීප්ය. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ හඳවත මදකට නතර කරන්නට විය. කාගේත් බලාපොරොත්තුව වූයේ තිසර ශ්‍රී ලංකාව දිනවනවාය යන හැගීමය. එහෙත් පහර පිට පහර එල්ල කරමින් දැවැන්ත හයේ පහරවල් ගැසූ තිසර මහන්සියෙන් හෙන්බත් වූවා පමනක් නොව තරගයේ පීඩනයද තවත් තවත් ත්රීර වන්නට විය. අවාසනාවකට මැතිවු හෙන්රි යැවූ ඊලග පන්දුවාරයේදීම ට්‍රේන්ට් බොල්ට් විශිෂ්ට උඩ පන්දුවක් රැක ගනිමින් තිසරගේ ඉනිම මෙන්ම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ගමනද නවතා දැමුවේය. එහෙත් නවසීලන්තය තරගය දිනා ගත්තේය. එහෙත් දහසකගේ හදවත් දිනා ගැනීමට මෙම යකඩා මිනිසා සමත් වූයේ තරගය පරාජය වුවත් තරගයේ ඇත්තම වීරයා ඔහු යනුවෙන් සම්මානයටද ප්‍රාත්‍ර වෙමිනි.
තිසර පෙරේරාගේ ඉනිමත් සමග පිහිටු වූ නව වාර්තා
සටහන - සමීර ගොඩපිටිය
අප ටෙස්ට් වරම් ලැබු අවධියේවත් එංගලන්තයට එරෙහිව මෙවන් පරාජයන්ට මුහුණ නොදුන් අතර බංග්ලාදේශය හා සිම්බාබ්වේ වැනි නොමේරූ ටෙස්ට් කණ්ඩායම්ද ගෙදරට පැමිණ අපට අභියෝග කරන තත්ත්වයට අපේ ක්‍රිකට් පත් වී අවසන්ය.
ලොව ඉපැරණිතම ක්‍රිඩාවක් ලෙස සැලැකෙන මල්ලවපොර ක්‍රිඩාවෙන් මේ වසරේදී ජාතික ශූරතාව දිනාගනිමින් ජයකෙහෙළි නන්වන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම සමත්ව සිටී. 2011 වසරේ සිට මේ දක්වා අඛණ්ඩවම එම ජයග්‍රහණයට හිමිකම් කියන්නේ ඔවුන්ය. ඔහුන්ට අභියෝගයක් දීමට 16 වසරක් කිසිවෙකු සමත්ව නැත.
මේ ගෙවෙමින් තිබින්නේ කී‍්‍රඩාවේ වසන්ත සති අන්තයකි. එක් අතකින් කි‍්‍රකට් තරගයකි. තවත් පසෙකින් පාපන්දු තරගාවලියකි. මේ සියල්ලත් එක්ක තවත් පසෙකින් ශී‍්‍ර ලංකාවේ නම් දැරූ ප්‍රධානම කණ්ඩායම් 8ක් එකිනෙක ගැටෙමින් තම ජවය උරගා බලන උණුසුම් රග්බි තරගාවලියකි. ඒ මේ දිනවල කි‍්‍රයාත්මක අන්තර් පළාත් ලීග් රග්බි තරගාවලියයි.
අද අප ගෙවමින් සිටිනා ධනවාදයේ තුන්වැනි කාර්තුවේ දී රුපියල් සතවලින් මැනිය හැකි වටිනාකමක් නැති ලෙස සටහන් කොට පැත්තකට විසි කර දැමූ එකම දෙය මනුස්සකමය. එහෙත් සැබවින්ම රුපියල් සතවලින් මිල කළ නොහැකි එකම දෙය ද මනුස්සකමය. මිලක් නැති නිසාම මනුස්සකම වඳ වී යන්නට විය. එහෙත් සැබෑ වටිනාකම දන්නා මිනිසුන් වඳ වී නොගිය බැවින් මනුස්සකම කොතැනක යන්තමින් හෝ දර්ශනය වූයේ ද එය අගය කරන්නෝ ද වූහ.
අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවත් ක්‍රිකට් යනු නිල නොවන ජාතික ක්‍රීඩාව බව කීවාට වරදක් නැත. ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවතට ඉතාම සමීප ක්‍රීඩාවද ක්‍රිකට් ය. 96 දී ලෝක ශුරතාව දිනාගැනීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙරට බොහෝ දෙනාගේ වීරයන් බවටද පත් වූහ.
එළඹෙන බොක්සිං දිනයේ එනම්, නත්තල් දිනට පසු දින ( 26 ) ආරම්භ කෙරෙන ඉන්දු - ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ඕස්ට්‍රේලියා පිල නම් කිරීමේදී තම කණ්ඩායමට 7 හැවිරිදි කුඩා ක්‍රීඩකයෙකු ඇතුලත් කිරීමට ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පුමුඛ එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත.
දකුණක් පා දග පන්දු යවන්නෙකු ලෙස නම්කර ඇති කුඩා ආචි ශිලර් එම කණ්ඩායමේ සම නායකයා ලෙසද නම්කර තිබීම විශේෂත්වයකි.මෙය ක්‍රිකට් ඉතිහාසයේ විරලම සිදු වීමක් ලෙස වාර්තා පොත් අතරට ඇතුළත් වන්නේ, එම සිද්ධියට අදාල මානූෂිය ගුණාංගයක්ද හේතුවෙනි.
උත්පත්තියේ සිටම දුර්ලභ හා දරුණු හඳවත් රෝගයකින් පෙළෙන කුඩා ආචි මේ වන විට සැත්කම් තුනකට භාජනය කොට ඇති අතර, මෙම තරගය අසානයේ තවත් තීරණාත්මක සැත්කමකට භාජනය කිරීමට නියමිතය. එම සැත්කම බොහෝ විට ආචිගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක සැත්කමක් වනු ඇතැයි වෛද්‍යවරු පවසති.
මුල සිටම ක්‍රිකට් ලෝලියෙකු වූ ආචි ක්‍රිකට් ක්‍රීඩාවේද යෙදෙමින් දකුණතින් පා දග පන්දු යැවීම සිදු කරයි. තම ජීවිතය පිළිබඳ පැහැදිලි අනාගතයක් නොමැති ආචිගේ එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ, කෙදිනක හෝ ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කිරීමත් එහි නායකත්වය දැරීමත්ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන සත් හැවිරිදි මෙම හුරුබුහුටි දරුවාගේ ආශාව පිළිබඳ ඔහුගේ දෙමාපියන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලාධාරීන් වෙත දක්වන්නට යෙදෙනු අතර මානුෂීය මුහුණුවරකින් මෙම ඉල්ලීම සලකා බැලූ ඔවුහූ කුඩා ආචි බොක්සිං දින තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියා පිළේ ක්‍රීඩකයන් 15 දෙනා අතරට නම් කිරීමට තීරණය කළහ.
දිනක් ආචි හා පවුලේ සැම මවිතයට පත් කරමින් ඕස්ට්‍රේලියා ටෙස්ට් පිලේ පුහුණුකරු ආචිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුව ඉන්දියාව සමග තෙවැනි ටෙස්ට් තරගයට තෝරාගෙන ඇති බව දැන්වීය.
ඒ අනුව කුඩා ආචිගේ ප්‍රමාණයට සරිලන ක්‍රිකට් නිල ඇදුම් සකස් කරන්නට යෙදුණු අතර ඕස්ට්‍රේලියානු කන්ඩායම සමග පුහුණුවීම් වලටද කැදවනු ලැබීය.
නත්තලත් සමග එළඹෙන මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ආචිගේ ආශාව මුදුන්පත් කරවමින් ටිම් පේන් සමග ඔහු ඕස්ට්‍රේලියානු පිලේ සම නායකත්වයටද පත්කර ඇත. කෝලි සමග කාසියේ වාසිය උරගා බැලීමට මේ අනුව එම්.සී.ජී ක්‍රීඩාංගණයට පේන් සමග කුඩා ආචිද යනු ඇත. කෝලිට ඉල්ලන්නට කාසිය උඩ දමන්නේ ආචි විය හැක. තරගයේ ආචිට හිමි තැන ක්‍රීඩක කාමරය වුවත්, ඔහු විටින් විට පිටියට පිවිසෙනු ඇත.
මෙම තරගයේ තමන්ට පන්දු යැවීමේ අවස්ථාවක් ලැබුණහොත් තමා කෝලිගේ කඩුල්ල දව ගන්න බව ආචි පවසා තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් කෝලි පවසා ඇත්තේ, එසේ වුවහොත් තම කඩුල්ල ඔහුට පූජා කිරීමට තමන් සූදානම් බවයි. කෙසේ වෙතත් සාමාන්‍යෙයන් එම්.සී.ජී ක්‍රීඩාංගණයේ බොක්සිං දින තරගයක් නැරඹීමට පැමිණෙන ලක්ෂකයට අධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙන්ම ලොව වටා මෙම තරගය රූපවාහියෙන් නරඹන මිලියන ගණනකගේ ආකර්ෂණය මෙම අහිසංක කුඩා දරුවා වෙත යොමුවනු නොවනුමානය. ඔහුගේ හඳවත් සැත්කම සාර්ථක කර ගැනීම සදහා මේ සියලු දෙනාගේම හඳවත් උණු කරවමින් ඔහුට සෙත් පතනු ඇත.
දෙපිළටම ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක තරගයක් වුවද, තරගකාරීතවය පරයමින් මානූෂියත්වය ඉස්මතු කරවන තරගයක් බවට මෙම තරගයට ඉතිහාස ගත වනු ඇත. සියලු රටවල සියලු ක්‍රිකට් බලධාරීන්ට ආදර්ශයක් ගෙන දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් සිදුකරනු ලබන මෙම කටයුත්තද ඒ සමග ඉතිහාස ගතවනු නොවනුමානය.
ආචි ශිලර් ... අපේ සුභ පැතුම් ! ඔබට නීරෝගි සුව !
රංජන් පරණවිතාන
හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකාරිත්වය භාර ගත්තේ විශාල අභියෝගයකට මුහුණ දෙමිනි. ඒ වන විට ශ්‍රී ලංකා පිල පිට පිට තරග පැරදී නන්නත්තාර වී සිටි අවධියයි. එවකට සිටි ක්‍රිකට් බලධාරීන් විදෙස් පුහුණුකරුවකු ගෙන්වා ගැනීම පසෙක ලා බංග්ලාදේශ පුහුණුකරු ධූරයෙන් ගලවා හතුරුසිංහ මෙහි ගෙන්වන්නට තීරණය කළේ ඔහු පිළිබඳ ඉමහත් බලාපොරොත්තු තබමිනි.
ශී‍්‍ර ලංකා කායවර්ධන සම්මේලනයේ මේ වනවිට අර්බුධයක් පැන නැගී තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩා නීතියට අනුව සහ එ් එ් සංගම්වල ව්‍යවස්ථාවලට අනුව සියලූම ක්‍රීඩා සංගම්වල නිලධාරීහු කටයුතු කළ යුතු වුවත් වත්මන් කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු ඔහුගේ අභිමතය පරිදි සියලූ කටයුතු සිදුකරමින් සිටින බවට ලේකම්වරයා විසින් කී‍්‍රඩා අමාත්‍යංශයට පැමිණිලි කිරීම හේතුවෙන්ය.
ශෙලින්ඩා ක්‍රීඩිකාවක විදියට ගොඩනැඟෙන පසුබිම හැදුණේ කොහොමද?
අපේ රටේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා බොහෝ ක්‍රීඩා මවු සංගම්වලින් සිදුවන සෙතක් නැත. මේ වන විට ක්‍රීඩා සංගම් හා සම්මේලන 62 ක් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියා පදිංචි වී තිබේ. දැන් කඹ ඇදීමටද අපට ජාතික සංගමයක් තිබේ.
2009 වසරේ ජුලි දෙවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගාල්ලට පැමිණ පාකිස්තානය සමග ටෙස්ට් තරගයකට සුදානම් වෙමින් සිටියදී රංගන හේරත් සිටියේ, එංගලන්තයේ Staffordshire ලීග් තරගාවලිය සඳහා තමන් ක්‍රීඩා කරන කණ්ඩායමත් සමග පුහුණුවීම් සඳහා සුදානම් වෙමිනි.
දශක අටකට වැඩි මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ ගමන් මගේ අප පිවිස සිටින්නේ ස්වර්ණමය යුගය වෙතටයි. එදා මෙරට යටත් විජිතයක්ව පැවැති යුගයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හුදෙක් තම විනෝදාංශයක් ලෙස ඇරැඹි මෝටර් රථ ක්‍රීඩාව ක්‍රමක් ක්‍රමයෙන් මෙරට ප්‍රමුඛතම ක්‍රීඩාවක් ලෙස ස්ථාපිත විය.
90 දශකය අගභාගය වන විට ලොව අග්‍රගන්‍ය වමත් කසකාරයා වූයේ සනත් ජයසූරියයි.මේ දශකය අවසානයේ ලොව හොඳම වමත් දඟයා හෙවත් පන්දු යවන්නා වූයේ රංගන හේරත්ය.මේ එළඹෙන්නේ ඒ විශිෂ්ට වමත් දඟයාගේ ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ අවස්ථාවයි.
මීට දෙමසකට පෙර ඉන්දුනීසියාවේ පැවැති 18 වැනි ආසියානු ක්‍රීඩා උෙලළට ගිය අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකදු පදක්කමක් හෝ දිනා ගත නොහැකිව මිලියන 50ක් වියදම් කොට පදක්කම් සටහනේ අවසානයේ සිටිමින් පෙරළා පැමිණෙන විට ඊට සමගාමීව පැවැති ආබාධිතයන්ගේ ආසියානු ක්‍රීඩා උෙලළ හෙවත් පැරා ආසියානු ක්‍රීඩා උලෙළට ගිය අපේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 4ක් දිනාගෙනයි ආපසු මව් රටට පැමිණියේ.
“ ජයග්‍රහණය පසුපස ඇත්තේ, වාසනාවටත් වඩා කැපවීම බව මේ ක්‍රීඩා ලෝකයේ නොයෙකුත් උදාහරණ අපට කියා දෙන්නේය. එකී උදාහරණ තුළ අප රට තුළම පායා එන තරු ලෝකය ජය ගමින් සිටියි. එවන් වීර යොවුන් කාන්තාවක් අද ලෝකයේම හදවත් දිනාගෙන අවසන්ය. සියලු බාධක මැද කටුක ජීවිතයට අරුතක් ගෙන එන ඇය හලාවත අඹකඳවිල මුහුදු අයිනේ පදිංචි පාරමි වසන්ති මාරිස්ටෙලාය.
දුප්පත්කමින් ගොඩයාමේ ආයුධය ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් බව ඇය ලොවටම කියමින් සිටින්නීය. මෙය කියවන අපිට දැනෙන්නේ ඇත්තටම ඇය දුප්පත්ද යන්නයි. භෞතික පරිසරය දුප්පත් වුවත් පාරමි යනු පිනට උපන් වීර දරුවෙක් බව පාරමිගේ අම්මා වන රීටා මාග්‍රට් ආඩම්බරයෙන් කියා සිටින්නීය.
අධිෂ්ටානය ජයග්‍රහණය නම්, හැකියාව විශ්මිත විය යුතුයි යන්න කියමනක් තිබේ. පාරමිගේ අධිෂ්ඨානය එතරම් බලවත්ය. ඇය තවමත් 17 වියේ පසුවන පාසල් ක්‍රීඩිකාවකි. ක්‍රීඩාව වෙනුවෙන්ම ජීවිතය හා සටන් වදින වීර දියණියකි. ක්‍රීඩාව නිසා අධ්‍යාපනයද අත් නොහල ඇය අධ්‍යාපනයෙන්ද හෙව්වේ පළමු තැනමය. ඇයට කොතන ගියත් පළමු වෙනියා වීමේ දැඩි අධිෂ්ඨානයක් ඇති බව ඇයගේ අම්මා පවසයි. ඇය ආජන්ටිනාවට යන්නේ, එකී බලාපොරොත්තු දහසක් තම මෑණියන්ගේ හිතට කාවද්දමිනි. අවසානයේ ඇය එය අකුරටම කර පෙන්නුවාය. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී, ලංකාව වෙනුවෙන් පදක්කම් දිනූ පළමු ක්‍රීඩිකාව බවට ඇය ඇයගේ නම ඉතිහාසයට එක් කලේ සියලු බාධක මැද්දේය.
මේ නිසාම අපි ඇයගේ මවගෙන් අදහස් විමසා සිටීමට දෙපාරක් සිතුවේ නැත.
පාරමි ක්‍රීඩාවට දක්ෂ බව හදුනගන්නේ මොන අවධියේ සිටද ?
“ පාරමි ඉතින් පොඩි කාලේ ඉදන්ම අක්කගේ පස්සෙන් දුවනවා. පාරමි කියන්නේ අපේ පවුලේ තෙවැනි දරුවා. පාරමිට අක්ක සහ අයියා ඉන්නවා. ඇත්තටම පාරමිටත් කලින් මුලින්ම ක්‍රීඩාවට සම්බන්ධ වුනේ, එයගේ අක්කා. එයත් ක්‍රීඩාවෙන් ඉස්සරහටම ආපු දරුවෙක්. නමුත් පාරමි පොඩි කාලේ ඉදන්ම අක්කගේ පස්සෙන් වැල්ලේ දුවනවා. ඒක තමයි මේ ජයග්‍රහණයේ ආරම්භය.
ක්‍රීඩාවක් විදියටම හදාරන්න පාරමිට ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
“ පාරමි 9 වසරට යන තුරුම ඉගෙන ගත්තේ අඹකඳවිල ස්කෝලේ. ඒ කාලේ දමයන්ති කියලා මිස් කෙනෙක් ප්‍රැක්ටිස් කළා. ඊට පස්සේ 9 වසරෙන් පස්සේ දුවට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. මේ සියලු පිටුපස එයාගේ අක්කා ඉන්නවා. අක්කා ඉගෙන ගත්තෙත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ. ඉතින් එයත් ක්‍රීඩාවට සම්බන්ධව සිටි නිසා එයාගේ ක්‍රීඩා ගුරුවරයා උනු ජනිත් ජයසිංහ සර් තමයි පාරමිගේ දක්ෂතාවයක් පෙනෙනවා කියලා අක්කට කියලා තිබුණේ. ඊට පස්සෙයි දිගටම දුව මෙම අංශයෙන් ඉදිරියට ආවේ. “
පාරමිගේ අම්මා තාත්තා මොනවද කරන්නේ?
“ පාරමිගේ තාත්ත නම් ( කේ.එම්. අන්තෝනි) ධීවර රස්සාව තමයි කරන්නේ. මට ඉතින් දරුවන්ගේ කටයුතු කරන් ඉන්නවා.ඒත් ධීවර රස්සාවත් මාස 6 යිනේ කරන්න පුඵවන්. ඉතින් මමයි මහත්තයයි මෙයාලගේ දියුණුව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දෙය කරනවා.
ඉතින් පාරමිගේ මේ ක්‍රීඩා කටයුතු හා අධ්‍යාපනයට යන වියදම දරාගන්නේ කොහොමද ?
“ අනිත් ළමයින්ට වඩා පාරමීගෙයි අක්කගෙයි වියදම් වැඩියි. ඉතින් පාරමිගේ අක්කාත් දැන් කැම්පස් ඉන්නේ. ඒ වියදම් බලන්නත් ඕන. පාරමිගේ වියදම් බලන්නත් ඕන. ගොඩාක් අමාරුවෙන් තමා ජීවිතය ගෙවෙන්නේ. ධීවර රස්සාවෙන් එහෙමයි කියලා ලොකු දෙයක් ලැබෙන්නේ නෑ. ඉන්න ඉඩ කඩම් පවා උකස් තිබ්බා. පාරමිලට පොඩි පොඩි රත්රංම බඩු බවා තිබ්බා. අන්තිමේදී අපි ඒවත් උකස් කරා මෙයාලගේ දියුණුවක් පෙනෙන නිසා. මොන දේ නැතත් අද මට ලොකු සතුටක් දැනෙනවා.
පාරමිගේ මෙම දක්ෂතාවයන් දැකලා කවුරුත් උදව් කරන්න ඉදිරිපත් වුනේ නැද්ද ?
“ මගේ ලොකු දුව මේ ගැන මීට වසර 4 කට විතර පෙර අපිට උදව් කරන්න කියලා පත්තරේට දැම්මා. නමුත් මුල්කාලේ එහෙම කාගෙන්වත් උදව්වක් ලැබුනේ නෑ. ඊට පස්සේ දුව ජපන් ගිහින් පදක්කමක් අරන් ආවට පස්සේ, දුවට ජනාධිපතිතුමාගෙන් ලක්ෂ 15 ක් ලැබුණා. ඒක ස්ථීර තැන්පතුවක් විදියට තමයි දුන්නේ. ඉතින් ඒ එන පොළියෙන් තමා පාරමිගේ වැඩ ටිකක් අපි කර ගන්නේ.
පාරමි කියන්නේ දුප්පත් කමින් බැටකාපු කෙල්ලෙක්. ඒ නිසාම පාරමි ලග ලොකු ලොකු බලාපොරොත්තු තිබුණත් පාරමිට ඕනම වුණේ වේගයෙන් දුවන්න පුළුවන් සපත්තු කූට්ටමක් විතරයි. මේ පිළිබඳව ඇයගේ මව( රීටා මාග්රේට් සිල්වා ) ප්‍රකාශ කර සිටියේ මෙවන් දෙයක් ,
“ ඔව් පාරමිට නැතුවම තිබුණේ සපස්තු කූට්ටමක්. ඒත් ඊට පස්සෙනම්, පාරමිට සපත්තු නම් ගොඩක් ලැබුණා. දුවගේ ජයග්‍රහණ ගැන දැකලා එංගලන්තයේ ඉන්න මහත්මයෙක් දරුවට සපත්තු දෙකක් ගන්න සල්ලිත් එව්වා. ඒ වගේම ඒ මහත්මයා එද්දි තව සපත්තු දෙකක් ගෙනල්ලත් දුන්නා.
ඉතින් පාරමිගේ දෙමාපියන් හැටියට අවසානයේ මොනවද කියන්න තියන්නේ?
“ මම විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා දුවගේ පිටුපසින් ඉන්න ඇයගේ ගුරුතුමාට. ඒ වගේම කුලියාපිටිය විද්‍යාලයේ ගුරු භවතුන්ටත්. විශේෂයෙන් කියන්න ඕන අපි කතෝලික ආගමේ අය. ඉතින් දුවගේ ජයග්රහණයන් සඳහා, ඒ වැඩකටයුතු කර ගන්න පල්ලියේ පියතුමා ලොකු සහයක් ලබා දෙනාවා. දුව ගැන නිතරම අපෙන් අහනවා පියතුමා. දුවට මෙම තරගයට යන්න කලින් අතට මුදලකුත් දුන්නා. දුවගේ ඉදිරි කටයුතු සඳහා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ නිසා ඒ දේවල් වලට සහයෝගයක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
රටට කීර්තියක් ගෙන එන පාරමිලා ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමකි. පාරමිගේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයක් බව සිහි බුද්ධියෙන් සිතිය යුතුය.
සමීර ගොඩපිටිය